බැංකු සේවකයින්ට විශ්‍රාම නැති කරලා - අය වැයෙන් 15,000ක වැටුප් වැඩිවීමක් ඕනෑ- ජා.සේ.සයේ සභාපති ජෝන් අමරතුංග

John-AmaratungaUNP wants Rs.15,000 minimum pay hike for public
1996 වසරෙන් පසු රාජ්‍ය බැංකුවලට බඳවාගෙන ඇති සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වත්මන් ආණ්ඩුව විසින් අහිමිකර ඇති බවත් ඒ බව මව්පියන් දැනගෙන සිටින්නේදැයි ජා.සේ.සයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී‍ ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කරයි. මේවන විට රටේ සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමක් පෙන්නුම් කරන බවත් රුපියල දිනපතා බාල්දු වෙමින් අමෙරිකානු ඩොලරයට අද වන විට රුපියල් 134ක් ගෙවීමට සිදුව ඇති බව හෙතෙම කියයි.

4 දෙනෙකුගෙන් සමන්විත පවුලක වියදම මේවන විට රුපියල් 44,928 දක්වා වැඩිවී ඇති බවත් ඉදිරි අය වැයෙන් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 15,000න් වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කොළඹ අද (21) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

අපනයන ක්ෂේත්‍රය 50%න්ම කඩා වැටී ඇති බවද, ලංගම සේවකයින්ගෙන් අර්ථ සාධක අරමුදල් කැපුවද ඒවා මහ බැංකුවේ තැන්පත් නොකරන බවද ඔහු පෙන්වාදුන්නේය. 

එසේම වැටුප් ඉල්ලා ලංගම සේවකයින් වැඩ වර්ජනය කරන විට නාමල් රාජපක්ෂ මන්ත්‍ර්‍රීවරයා ගොස් එම ප්‍රශ්නය විසඳන බවත් මෙය සෑම අවස්ථාවක කළ හැකි දෙයක්ද යන්න ප්‍රශ්න කරන බවත් එසේම මෙය විහිළුවක් බවත් මන්ත්‍රීවරයා කීවේය. 

බස් සේවකයින්ට‍ තර්ජනය කර වර්ජනය නතර කළ බවත් ඔවුන්ගේ ගැටලුවලට ද විසඳුම් නැතැයී ජෝන් අමරතුංග මහතා හෙද වර්ජනයටද බලපෑම් එල්ල වූ නමුත් ඔවුන්ගේ ගැටලුවලට ද විසඳුම් නැතැයි පැවසීය. 

ගොවීන්ට පොහොර නැති ප්‍රශ්නය විසඳි නැති අතරම ධීවරයින්ගේ ප්‍රශ්නවලට ද ආණ්ඩුවට විසඳුම් නැතැයි ඔහු එහිදී වැඩිදුරටත් කීවේය.