කන්තලේ සීනි - ජාතික සේවක සංගමය හා ඉඩම් ඇමති අතර හමුවක්

කන්තලේ සීනි - ජාතික සේවක සංගමය හා ඉඩම් ඇමති අතර හමුවක්

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින කන්තලේ සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් පිරිසක් හා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් අද දින එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී ජාතික සේවක සංගමය නියෝජනය කරමින් එම කර්මාන්ත ශාලවේ නිළධරින් සහ සේවකයින් එම සාකච්ඡාවට සහභාගීවූ අතර ඔවුන් මුහුණපාන ගැටලු හා දුෂ්කරතා සහ සේවක දේශපාලන පලිගැනීම් සම්බන්ධ කාරණා මෙහිදී සාකච්ඡාකෙරිණි. එම අවස්ථාවට ඉඩම් ලේකම් IHK මහානාම මහතා අතිරේක ලේකම් විජිත නන්ද කුමාර මහතා, ජාතික සේවක සංගම් මූලස්ථානය නියෝජනය කරමින් ඒ.එම්.ගුරුසින්හ මහතා ඇතුලු පිරිසක් එක්වූහ