වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකරන්න රනිල් ආණ්ඩුවට බලකරයි

ranil_wickramasingheයුද්ධය අවසන් වූ වහාම වැඩ කරන ජනතාවගේ වැටුප වැඩි කරන බවට රාජපක්ෂ රෙජීමය පොරොන්දු වූ නමුත් අද වන විටත් එය නිසියාකාරව සිදුකර නොමැති බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි. ජාතික සේවක සංගමයේ උත්සවයකට සහභාගීවෙමින් විපක්ෂනායකතුමා මේ බව පැවසූ අතර එහිදී මෙසේද පැවසීය.

“ජීවන අංකය ගැසට් කරන ලෙස මෙන්ම වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකරන ලෙසද අප ඉල්ලා සිටිනවා.

දැනට රටේ ණය පියවාගැනීමට නොහැකිවීම නිසා අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය අංශයන් දැඩි ලෙස කප්පාදුකොට ඇති නිසා එය ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවටයි. රටේ සියයට 1 ක පිරිසකට බදු සහනත් සියයට 99 ක පිරිසකට බදු අසහනත් රාජපක්ෂ රෙජීමය විසින් පනවා තිඛෙනවා. ශ්‍රී ලංකාවේ වර්ෂා කාලය පැමිණි විට විදුලි බිල වැඩිකර රාජපක්ෂ රෙජීමයේ දූෂණවල බව වක්‍රව අහිංසක අසරණ ජනතාවගේ කරමත පටවනවා“යැයිද පැවසීය.