මේ ආණ්ඩුවට දෙන්නේ නොවැම්බර් වෙනකම් විතරයි.සමස්ත සේවක ප්‍රශ්ණ විසදීමට හා සෙවකයන්ගේ වැටුප් වැඩිකර සමස්ත පොදු ජනතාවට සිදුවී තිබෙන මේ අවාසනාවන්ත කාලය අවසන්කිරීමට එජාප නොවැම්බර් මාසයේ වීදි බසින බව 2012-08-16 ඊයෙ පැවති අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය අමතමින් විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.
අවනීතියට එරෙහි සටන්කිරීමත් සේවක අයිතීන් දිනාගැනීමටත් ඇති එකම විසදුම රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමබවද ඔහු වැඩිදුරත්ටත් ප්රකාශකක්ලේය. මිනිසුන් නොමරා මරන ආණ්ධුව සහ දුර්දාන්ත යුගය අවසන් කිරිමසදහා මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වන විට ආණ්ඩුව රටත් ජනතාවත් වෙනුවෙන් අප කළ මේ ඉල්ලීම ඉටු නොකළ හොත් ඊට එරෙහිව මහජනයා සමග එකට එක්ව අප මහ පාරට බැස සටන් කරන බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.