පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත සාකච්ඡාවෙන් තොරව පාර්ලිමේන්තුවට -ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන

JAYALATH-JAYAWARDENA-FRONTපෞද්ගලික විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත අත්තනෝමතික ව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන පවසයි. ජාතික කම්කරු උපදේශක සභාව සමග හෝ සාකච්ඡාවකින් තොර ව පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බරපතල සැක මතු කරන කාරණයක් බව මන්ත්‍රීවරයා පවසයි.මේ පනත සම්බන්ධයෙන් පුළුල් සහ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඒ සම්බන්ධ ඉදිරි පියවර තීරණය කර ඇති බව ද ජයලත් ජයවර්ධන පෙන්වා දෙයි. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට අත පෙවීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොතබන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ඉකුත් 30 වැනි දා ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.