එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුනට පක්ෂයට අයත් වෘත්තීය සමිති සියල්ල එක්ව කටයු කිරීම කම්කරු ව්යාිපාරය ලද ජයග්රිහනයක්

Protest-hydepark-2011-5මැයි මස 10 වනදින වැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් රජයට බල කරන වෘත්තීය අරගලයට සහය ලබාගැනීමේ පියවරක් ලෙස ජ.වි.පෙ නායක සෝමවංශ අමරසිංහ මහතා හමුවීමට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව සහභාගී වූ අතර ජාසේස වෙනුවෙන් එහි මාධ්‍ය ලේක සුනිල් සිල්වා සහාභාගිවිය එසේම මැයිමස 13 වනදින වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර ඉදිරි සියලු ක්‍රියාමාර්ග සදහා එජාපයේ සහය ලබාදෙන බවට එතුමා පොරොන්දුවිය.

විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා අත්සන් තබයි

Melමැයි මස 21 වන දිනට පෙර වැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් රජයට බල කරන වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා 2013/ 5/ 09 දින අත්සන් තැබීය.

වැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් පාට පක්ෂ පන්ති භේදයෙන් තොරව සියළු රට වැසියන් මැයි මස 21 වන දින සාමකාමිව වැඩ වර්ජනය කරමු- ජාතික සේවක සංගමය

STRIKEවැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් පාට පක්ෂ පන්ති භේදයෙන් තොරව සියළු රට වැසියන් මැයි මස 21 වන දින සාමකාමිව වැඩ වර්ජනය කරමු!

ජනතාවට සහන දෙන්න බැරි නම් යන්න - එක්සත් ජාතික පක්ෂය

Mayday2013"ලංකාවේ දැන් පන්දම් අල්ලන කණ්ඩායම් දෙකක් සිටිනවා. එක් කණ්ඩායමක් ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ රාජපක්‍ෂ රෙජීමය වෙනස් කිරීමට පන්දම් අල්ලනවා . අනෙක් කණ්ඩායම කරන්නේ රාජපක්‍ෂ රෙජීමය ආරක්‍ෂා කළ යුතු යැයි කියමින් පන්දම් අල්ලන එකයි."

ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කරන්න - ජාසේස

jayalth_jayawardenapress_2ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ද ජනතාවට පොරොන්දු වුව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කිරීම මගහැර ඇති බවද ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ,ජාසේසයේ සභාපති වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා සදහන් කළේය.

JSS support for Joint strike against electricity hike

Protest-Logo2A joint token strike would be staged in the Public, Private and Estate sectors against the recent electricity tariff hike on May 21, the newly formed trade union umbrella, Co – ordination Committee for Trade Union Alliance announced yesterday.

වැඩි කළ විදුලි බිල අඩු කළේ නැත්නම් 21 වැනිදා රට පුරා වැඩ වර්ජනට ජා.සේ.ස.යේ සහය

Protest-Logoවිදුලි බිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය මැයි 20 දාට පෙර අහෝසි නොකළොත් 21 වැනිදා ශ්‍රී ලංකාව පුරා මහා වැඩවර්ජනයක්‌ පවත්වන බව රාජ්‍ය, පෞද්ගලික සහ වතු අංශයේ වෘත්තීය සමිති රැසක්‌ ඊයේ (28 දා) රජයට අනතුරු ඇඟවීම් කළේය. රජය මෙම සංකේත වැඩවර්ජනයටද යහපත් ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් රට පුරා අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ දියත් කිරීමටද පසුබට නොවන බව එම වෘත්තීය සමිති ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මැයි දින රැළි 3ක්

Mayday_2එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වීමට නියමිත මැයි දින රැලිවලිදී කරුණු තුනකින් සමන්විත යෝජනාවලියක්‌ ආණ්‌ඩුවට ඉදිරිපත් කෙරෙනු ඇත.රාජ්‍ය, පෞද්ගලික සහ සංස්‌ථා සේවකයන්ගේ වැටුප වැඩි කළ යුතු යෑයි සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල සුරකින ලෙස සහ ජීවන වියදම පහත හෙළන ලෙස බල කෙරෙන යෝජනාවලියක්‌ මෙලෙස ලබන මැයි දිනයේදී පැවැත්වෙන මැයි රැලියේදී ඉදිරිපත් කෙරෙන බවත් මෙවර එජාපය මැයි දින උත්සව තුනක්‌ පැවැත්වෙන අතර, එක්‌ රැලියක්‌ සිරිකොත එජාප මූලස්‌ථානයේදී ද, අනෙක්‌ උත්සවය බදුල්ලේදී ද, විපක්‍ෂයේ විරෝධය විසින් සංවිධාන කෙරෙන ප්‍රධාන රැලිය කුරුණෑගලදී ද පැවැත්වීමට නියමිතය.

මහජන උපයෝගිතා කොමිසම හමුවට වාචික සාක්ෂි දීමට ජාතික සේවක සංගමය කොමිසම හමුවට

Drjj-Electricity-tariffවිදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලය ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙස ඉල්ලා එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මහජන උපයෝගිතා කොමිසම සමඟ ද පසුගියදා සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර.ඒ අනුව ජාතික සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්‌ සමඟ ද එක්‌සත් ජාතික පක්‍ෂය විදුලි බිල වැඩි නොකළ යුතු බවට හේතු දක්‌වා විශේෂ වාර්තාවක්‌ මහජන උපයෝගිතා කොමිසම හමුවට යොමුකිරීමට පියවර ගෙන තිබුනු අතර එආනුව වාචික සාක්ෂි දීම සදහා 2013-04-04 දිනයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන,ජාතික සේවක සංගමය මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා, ජාතික සේවක සංගමය ජාතික සන්ධායක සුරන්ග නාවුල්ල මහතා මෙන්ම ජාතික භික්ෂු පෙරමුණේ සභාපති කීනියාවේ පාලිත ස්වාමින්ද්‍රය වහන්සේද සහාභාගී විය.

මංගල සමරවීර වරාය වෘතීය සමිති හමුවේ

Mangala_samaraweeraඑජාප වෘතීය සමිති පන ගැන්වීමේ අරමුනින් එජාපයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් එක් එක් ආයතන වෙනුවෙන් සම්භන්ධීකාරක වරුන්ලෙස පත් කර ඇති අතර, ඒ අනුව වරාය වෘතීය සමිති වෙනුවෙන් පත්කල මංගල සමරවීර මහතා අද දින (03-04-2013) ජා.සෙ.ස මූලස්ථානයේදී එම සේවකයින් හමුවී ඔවූන්ගේ ගැටලු සොයා බැලූහ.

ලයිට්‌ බිල් වැඩි කළොත් නඩු දානවා - ජාතික සේවක සංගමය

Dr_jj_Black_and_whiteවිදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලය තීරණය කළොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණපා සිටින මේ අවස්‌ථාවේ කිසි ලෙසකින්වත් විදුලිය ගාස්‌තු ඉහළ දැමීමක්‌ සිදු නොකළ යුතු බව සිය පක්‍ෂයේ ස්‌ථාවරය වී ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

JSS petitions PUC against proposed electricity tariff increase

electricity_board_logoThe Jathika Sevaka Sangamaya (JSS) yesterday petitioned the Public Utilities Commission (PUC) against accepting the Ceylon Electricity Board’s proposed electricity tariff hike, which the business community says was one of the highest in the world.

Income Tax Planning

    View Service