2011 වසරේදී ආණ්ඩුව වැඩකරන ජනතාවගේ පොරොන්දු කඩකලා - ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන

jayalth_jayawardenapress_2උදානවන නව වසර රටට ජනතාවට සුභ නව වසරක් වේවායි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙනුත් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙනුත් ජාතික සේවක සංගමය වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන බවත් නව වසර රටටත් ජනතාවටත් යහපත් වසරක් කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා ජාතික සේවක සංගමය දූෂණය භීෂණය හා මර්ධනයට එරෙහිව සටන් කිරීමට ආරම්භකොට ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද පැවති මාධ්‍යය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පා.ම ජයලත් ජයවර්ධන මහතා පැවසූයේ 2011 වසරේදී ආණ්ඩුව වැඩකරන ජනතාවට දුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් ඒ ජනතාව සූරාකා මර්ධනය කර අන්ත අසරණ කල අවුරුද්දක් බවයි.

එමෙන්ම රටේ වැඩකරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්ද කොල්ලකෑමට ආණ්ඩුව තැත්දරමින් සිටින බවත් ඊට කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂය හෝ ජාතික සේවක සංගමය ඉඩ නොතබන බවත් ජයවර්ධන මහතා එහිදී පැවසීය