එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් වන ගමන අද දින සිට ආරම්භ කරන බවත්, 2014 දී එජාප ආණ්ඩුවක් පිහිටුවන බවත් පක්ෂයේ 54 වන මහා සම්මේලනය අමතමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) අවධාරණය කර සිටියේය.
ආණ්ඩුවක් පිහිටුවන ගමනේදී සියළුදෙනාට පාර්ශවකරුවන් විය හැකි බවද එජාප නායකයා එහිදී පවසා සිටියේ ය.එමෙන්ම රටේ දුක්විඳින සියයට 99 ක් ජනතාව නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය බවද ඔහු සදහන් කළේය.
පක්ෂ සම්මේලනයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මෙසේ කීවේය.
'' තවම අපේ සෑම මැතිවරණ කොට්ඨාශයකම ශාඛා, යොවුන් සහ ලක් වනිතා සමිති ඇතිකර නැහැ. අපි කතා කළ පමණින් මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. ආණ්ඩුව වැට්ටවිය යුතුයි. ඒ සදහා සිංහල අවුරුද්දට පෙර සෑම මැතිවරණ කොට්ඨාශයකම ශාඛා, යොවුන් සහ ලක් වනිතා සමිති ගොඩනගන්නැයි මම ඉල්ලා සිටිනවා.
ඒ ඒ සංවිධායකයින සිය වගකීම්, කාර්යයන් සහ යුතුකම් ඉටුකරනවාද නැද්ද යන්න සොයා බැලීම සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. යොවුන් සහ ලක් වනිතා සමිති ඇති කළායැයි බොරු ප්‍රචාර කරනවානම් අපිට ඒ පිළිබද කරුණු සොයා බැලිය හැකියි. මේ ජනතාවගේ සටනක්. එසේනම් අනාගත වැඩසටහන වෙනුවෙන් සියලූ සංවිධාන ශක්තිමත්ව ගොඩ නැගිය යුතුයි.
දැන් කතා කරන කාලය අවසන්. දැන් තිබෙන්නේ වැඩ කරන කාලයයි. දැන් අපි 2014 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම සදහා කැපවී කටයුතු කරමු.''
සමුළුව ආරම්භයේදී මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් පක්ෂයේ නායකත්වය වසර 6ක් දක්වා දීර්ඝ කරගැනීම වෙනුවෙන් වූ යෝජනාව ඉදිරිපත් කල අතර, එහිදී එහිදී සජිත් ප්‍රේමදාස මහතා නැගි සිටිමින් කියා සිටියේ තමාගේ හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කරන බවයි.
ඒ අනුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදුකරන ආකාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලි කල අතර, ඒ අනුව යෝජනාවට පක්ෂ අය අත් උස්සා නැගිටින ලෙසත් විරුද්ධ අය ඉන් අනතුරුව නැගිට විරෝධතාවය අත් උස්සා ප්‍රකාශ කරන ලෙසත් දැනුම්දෙනු ලැබිය.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 4978 ක්ද විපක්ෂව ඡන්ද 337 ක්ද ලැබින.
ඒ අනුව තවත් වසර 6 ක කාලයක් සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරිණ.
සමුළුව සඳහා යවා තිබූ මුළු ආරාධනා පත්‍ර සංඛ්‍යාව 6143 ක් වන අතර, එමෙන්ම පැමිණ සිටි නියෝජිතයින් සංඛ්‍යාව 5315 ක් විය.
එහිදී ඉදිරිපත් කෙරුණු රැඩිකල් වෙනස යෝජනාමාලාවද ඒකමතිකව සම්මත විය.
කෙසේ වෙතත් අනතුරුව සම්මේලනය ඇමතු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද පවසන ලදී.
එසේම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතු බවද ඔහු පවසා සිටියේය