වරාය සේවක සමගි සටනේ තවත් පියවරක්

HArbourවරාය සේවකයන්ගේ හදිසි සහ දැවෙන ප‍්‍රශ්න 6 කට පාලකයන් විසින් කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීම නිසා සේවකයන් විසින් සාමූහික පෙත්සමක් අත්සන් කර ඇති අතර එය බාර දීම සහ දැවැන්ත උද්ඝෝෂනයක් පසුගියදා පැවැත්විය. සේවක ඉල්ලීම් වනුයේ.

1. වරාය සේවක වැටුප රු.12000 කින් ඉහල නැංවීම.

2. 2006 වසරේ සිට අහිමි කර ඇති 20% දීමනාව හි`ග වැටුප් සහිතව වැටුපට එකතු කොට ගෙවීම.

3. වරාය සේවකයින් ස`දහා ලබාදෙන ප‍්‍රසාද දීමනාව එක් ලක්ෂ පනස් දහස (රු.150000* දක්වා වැඩි කිරීම.

4. ජයබහාළු/නියමු/ටග් යාත‍්‍රා සේවකයින්ට ලබා දෙන දිරිදීමනා මුදල්, මංකොල්ලකෑම නතර කර පවතින ඩොලරයේ වටිනාකම මත ගෙවීම් සිදුකිරීම.

5. සාම්ප‍්‍රදායික නැව් බඩු මෙහෙයුම් කරන සේවකයින් සඳහා විශේෂ දීමනාවක් ලබා දීම.

6. විශ‍්‍රාම ගැන්වීමේ වයස කොන්දේසි වලින් තොරව 60 දක්වා විධිමත් ලෙස දීර්ඝ කිරීම. 

ඉහත ඉල්ලීම් 06 සම්බන්ධයෙන් වරාය බලධාරීන් දැනුවත් කර මේ වන විට මාස 03 කට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ වන තෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැත. එබැවින් ඊට විරෝධය පාමින් සියළු සේවකයින්ගේ සහභාගීත්වයෙන් පෙත්සමක් අත්සන්කොට ඇති අතර එය පසුගිය අගෝ. HArbour13 දින වරාය හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෙත භාරදී දවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විය