“අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි පියවර ගන්නවා

ranil_wickramasingheජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සතියේදී රැස්වූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. රනිල් සමග පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක, ජාතික සේවක සංගමයේ ‍ලේකම් සිරිනාල් ද මැල් එක්ව සිටියෝය.

වැඩ කරන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු ආකාරය ගැන රනිල් එහිදී වැඩි අවධානයක් යොමු කර තිබුණේය.“අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි පියවර ගන්නවා”රනිල් පැවසුවේය.