අර්ථ සාධක අරමුදල ටිකින් ටික ගන්නැයි ආණ්ඩුව කියන්නේ නම් ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
කෝටි තිස්ලක්ෂයක් වන අර්ථ සාධක අරමුදලට සිදුව ඇත්තේ කුමක්දැයි රජය ජනතාවට හෙළි කළ යුතු බවත් පසුගිය 2011 වසරේ සිට 2013 දක්වා මූල්‍ය වාර්තා පුවත්පත්වල පළ කර ඇතැයි පැවසීම අසත්‍යයක් බවත් හෙතෙම කියයි. අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2011, 2012 සහ 2013 වසර වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල විසින් පුවත්පත්වල එළි දක්වා තිබෙන්නේ සම්පූර්ණ මූල්‍ය වාර්තා නොවන බවත් උපුටා ගන්නා ලද කෑලි කිහිපයක් පමණක් බවත්ය.
එය මූල්‍ය ප්රකාශනයක්, ගිණුම් වාර්තාවක් නොවන බවත් සේවක අර්ථ සාධක අරමුදලේ සැබෑ මූල්‍ය තත්ත්වය ඉන් පැහැදිලි නොවන බවත් හෙතෙම පෙන්වාදුන්නේය. තමා දිගින් දිගටම කරුණු දැක්වීම හමුවේ 2014 මැයි 21 වනදා සේවක අර්ථ සාධක අරමුදලේ 2011 මූල්‍ය වාර්තාව එළි දක්වා තිබෙන බවද මන්ත්‍රීවරයා එහිදී කීවේය. කෙසේ වුවද මූල්‍ය වාර්තාව සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම් ගැන නිවැරදිව පැහැදිලි කිරීමක් නොකරන බවට විගණකාධිපතිවරයා සේවක අර්ථ සාධක අරමුදල් ඉතිහාසයේ පළමු වතාවට පවසා ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.