මෙම ඡන්දය පමණක් නොව පසුගිය ඡන්දයේදීත් දයාසිරි මාන බලමින් සිටියේ මහඇමති පුටුවට- ජෝන් දයාසිරිගේ පැටිකිරිය කියයි

John_Amaratunaga_speach_chairman_13හිටපු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලා අස් වීමේ තීරණය මීට අවුරුදු තුන හතරකට පෙර සිටම තිබූ එකක් බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.

එළඹෙන වයඹ ඡන්දය සඳහා පමණක් නොව පසුගිය වයඹ ඡන්දයේදීත් දයාසිරි මහතා මාන බලමින් සිටියේ මහ ඇමති පුටුවට බවත් , එය තමන් දැන සිටි බවත් අද(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමරතුංග මහතා සඳහන් කළේය. 

හිටපු පාර්ලිමේන්ත් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වීමට පෙර දිනත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීම් කළ බවත්, එක දවසෙන් ආණ්ඩුව ගැන පැහැදීමක් ඇති වූයේ මන්ද කියා තමන්ට පැහැදීමක් නොමැති බවත් හෙතෙම පැවසීය. 

පසුගිය දිනක දයාසිරි ජයසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජාතික සේවක සංගමයේ සභාපති ධූරය ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීම කළේ තමන් එම තනතුරෙහි වැඩ භාරගත් පසුව බවත් ඔහු එම අවස්ථාවේදී සඳහන් කළ සිටියේය. 

තවද දයාසිරි ජයසේකර මහතා එ.ජා.ප.යෙන් බැහැර යාම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ විශාල කළබැගෑණියක් වී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය. 

එම අවස්ථාවේ අදහස් දැක්වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කර සිටියේ දයාසිරි ජයසේකර මහතාට ප්‍රතිපත්ති තිබූ පුද්ගල‍යෙක් බවත් නමුත් ඊයේ(24) දිනයෙන් එම ප්‍රතිපත්ති අවසන් වූ බවයි. 

ඊයේ දිනයේදී මෙරටේ ජනතවට දේශපාලනය සම්බන්ධයෙන් විශාල කණගාටුවක් අති වූ බවත්, ආණ්ඩුව විවේචනය කළ පුද්ගලයින් දැන් ආණ්ඩුවට ගොස් ඇති බවත් හෙතෙම එම අවස්ථාවේදී අදහස් දැක්වීය. 

කෙසේ වෙතත් දේශපාලනයේ රැදී සිටීමට නම් විශේෂයෙන් ඉවසීම තිබිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

වයඹට අගමැතිධූරය රැගෙන එන බව එම ජනතාන බලාපොරොත්තුවෙන් සිටි බවත්, නමුත් දැන් එම බලාපොරෝත්තු සුනු විසුනු වී ඇති බවත් එම මාධ්‍ය හමුව අමතිමින් දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පත් වූ කුරණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩර මහතා සඳහන් කළේය. 

එම අවස්ථාව අමතිමින් ජතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ සීසර්ට අයිති දේ සීසර්ට තියනවා වාගේම එ.ජා.ප.යට අයිති දේ එජාපයට තියන බවයි.

පසුගිය වර්ෂවල ජාතික සේවක සංගමයේ සභාපතිලා පත් වූවාට පසුව එම තනතුරේ හිටපු සභාපතිලා ආණ්ඩුවට ගිය බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.