ජයලත් නියම සමාජ සේවකයෙකු සහ මානව දයාවෙන් යුතු පුද්ගලයක්!

Jayalath_TissaThe General Secretary of United National Party (UNP) Tissa Attanayake stated that the deceased MP. Dr Jayalath Jayawardena is a true social workers and a great humanitarian.

Commenting on the memorable service done by the former UNP parliamentarian, he stated that Dr Jayalath Jayawadena has done a great service as a doctor and made an immense effort to secure the rights of minor communities and brought up their issues in Inter-Parliamentary Sessions and international forums such as Common Wealth.

Due to such attempts the government made an attempt to label him as a pro-LTTE, but he was never an adherent of LTTE, he said.

Attanayake further stated, the special characteristic of Dr. Jayalath Jayawardena was he always stood up for what he believed in, and was a politician that never fought for privileges.

He can be acknowledged as a politician who did not trade his position for material gains and privileges, as he remained a UNP MP despite government’s request to join the ruling party.

He raised his voice for labour rights with Jathika Sewaka Sangamaya, for rights of parliamentarians at the parliament and international forums and always made it a point to officially or unofficially attend all Common Wealth and Inter –Parliamentary Sessions, said Attanayake.

He was first elected to Parliament in 1994 and under the UNP government served as the Minister of Rehabilitation, Resettlement, he added.
He was serving as the deputy general secretary of UNP when he passed away, he noted.7:55 PM 5/31/2013

 

 

අභාවප්‍රාප්ත ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා නියම සමාජ සේවකයෙකු සහ මානව දයාවෙන් යුතුව ක්‍රියා කළ පුද්ගලයකු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. වෛද්‍යවරයකු වශයෙන් විශාල සේවයක් ඉටු කළ ඔහු, ද්‍රවිඩ ජනතාව ඇතුළු සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් හැම විටම සටන් කළ බවත් ඔවුන්ගේ ගැටළු පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සැසි වාරවලට පවා ගෙන ගිය බවත් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

jayalath_tissa.jpgඅභාවප්‍රාප්ත ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා නියම සමාජ සේවකයෙකු සහ මානව දයාවෙන් යුතුව ක්‍රියා කළ පුද්ගලයකු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. වෛද්‍යවරයකු වශයෙන් විශාල සේවයක් ඉටු කළ ඔහු, ද්‍රවිඩ ජනතාව ඇතුළු සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් හැම විටම සටන් කළ බවත් ඔවුන්ගේ ගැටළු පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සැසි වාරවලට පවා ගෙන ගිය බවත් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඒ නිසාම, ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාට රජය 'කොටි' ලේබලය ඇලවීමට උත්සාහ කළ බව පැවසූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ, ඔහු කිසිවිටෙකත් එල්ටීටීඊ සංවිධානයට උදව් කළ පුද්ගලයකු නොවන බවයි. ජයලත් ජයවර්ධන මන්තීවරයා තුළ තිබූ සුවිශේෂී ලක්ෂණය වූයේ ඔහු තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සීටිම බව කියා සිටි තිස්ස අත්තනායක මහ ලේකම්වරයා, කිසිවිටක ඔහු වරප්‍රසාද වෙනුවෙන් සටන් කළ අයකු නොවන බව පැවසුවේය.

ඔහුට රජයට එකතුවන ලෙස නොයෙක් විට ආරාධනා ලැබුනත් තනතුරුවලට හෝ වරප්‍රසාද වලට තම මන්ත්‍රීකම නොවිකුණු පුද්ගලයකු හැටියට ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා හැඳින්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේය. ජාතික සේවක සංගමය මගින් වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ ජාත්‍යන්තර මට්ටමින්ද හඬ නැගූ ජයලත් ජයවර්ධන මන්තීවරයා නිළ වශයෙන් හෝ නොනිළ මට්ටමින් පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අන්තර් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම අඛණ්ඩව සිදු කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේය. 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. මිය යන විට ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් ධුරය හෙබ වීය