දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය පිළිබදව ජාසේස බලවත් ශෝකය-ලේකම් සිරිනාල් ද මෙල් මහතා ප්‍රමුඛ ජාසේසය

Melඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සන්ගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන ඔහු අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.1953 වසරේ අගෝස්තු මස 16 වන දින උපත ලද ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසුවිය.1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එම පක්ෂයේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවේය.

දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය පිළිබදව ජාසේස බලවත් ශෝකය පළකරන බව එහි ලේකම් සිරිනාල් ද මෙල් මහතා ප්‍රමුඛ ජාසේසය නිවේදනයක් නිකුත්කරමින්  ප්‍රකාශ කර සිටින අතර එතුමා සමාදානයේ සැතපේවායැයි ප්‍රාර්ථනා කරමු !

ඒසේම ජාසේසට අනුබද්ධිත අනෙකුත් ශාඛා වල සුදු කොඩියක් දමන ලෙසටත් කාරුණිකව ඉල්ලාසිටියි.