ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කරන්න - ජාසේස

jayalth_jayawardenapress_2ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ද ජනතාවට පොරොන්දු වුව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කිරීම මගහැර ඇති බවද ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ,ජාසේසයේ සභාපති වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා සදහන් කළේය.

මේ නිසා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මිලියන 8.3ක් පමණ වන සේවක සේවිකාවන්ට  අසාධාරණයක් සිදුවී ඇති බවත් මුදල් අමාත්‍යංශයෙන් විමසූ විට එම කාර්ය කම්කරු අමාත්‍යංශයට අයත් බව පවසන බවත් කම්කරු අමාත්‍යංශයෙන් විමසූ විට එය මුදල් අමාත්‍යංශයට අයත් බවත් ප‍්‍රකාශ කරමින් ආණ්ඩුව ජීවන මිල දර්ශකයේ ඒකකයක වටිනාකම ගැසට් කිරීම මගහරිමින් සිටින බවද ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.