"ලංකාවේ දැන් පන්දම් අල්ලන කණ්ඩායම් දෙකක් සිටිනවා. එක් කණ්ඩායමක් ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ රාජපක්‍ෂ රෙජීමය වෙනස් කිරීමට පන්දම් අල්ලනවා . අනෙක් කණ්ඩායම කරන්නේ රාජපක්‍ෂ රෙජීමය ආරක්‍ෂා කළ යුතු යැයි කියමින් පන්දම් අල්ලන එකයි."
විපක්ෂනායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසූවේ අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් පැවති මැයි දින රැළියේදී අදහස් දක්වමිනි.
එහිදී දැන් මෙසේද පැවසීය.
" මේ කණ්ඩායම් දෙකෙන් කුමන පැත්තට යනවා දැයි ඔබ තීරණය කළ යුත්තේ ඔබයි. කෙනෙකු මධ්‍යස්ථව සිටිනවා යනු රාජපක්‍ෂ රෙජීමය ආරක්‍ෂා කිරීමයි. ඊට විරුද්ධ වන කණ්ඩායම, රාජපක්‍ෂ රෙජීමය පළවා හැරීම සඳහා සහාය දක්වන කණ්ඩායමයි. රාජපක්‍ෂ රෙජීමය වෙනස් කළ යුතු යැයි කියන කණ්ඩායම මේ ස්ථානයට රැස්ව සිටිනවා. මාධ්‍යයට, සිවිල් සමාජයට සහ පැවිදි සමාජයට ද මේ පිළිබඳව ළඟදීම තීරණය කිරීමට සිදුවනු ඇති.
අද එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ අපේ වෘත්තීය සමිති එක් මැයි දින රැළියක් වෙනුවට මැයි දින රැළි තුනක් පවත්වන්නේ මෙය ක්‍රියාත්මක කිරීමටයි. ජනතාවට සහනයක් නොදෙන මේ ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව එක්රැස් කිරීම සඳහා ප්‍රථම වතාවට රැස්වීම් තුනක් පවත්වනවා. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන මෙම රැස්වීමට අමතරව කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගනයේ සහ බදුල්ල වීල්ස් ක්‍රීඩාංගනයේ දී තවත් රැස්වීම් දෙකක් පවත්වනවා.
ජනතාවට සහනයක් ලබාදීමට මේ රාජපක්‍ෂ රෙජීමයට නොහැකි නම් වහාම ගෙදර යා යුතු අතර ජනතාවට ඒ සහනය ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂයට පුලූවන්. අවසන් වතාවට ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය ජනතාවට අවශ්‍ය සහන මොනවා දැයි රාජපක්‍ෂ රෙජීමයට යෝජනා ඉදිරිපත් කළා.
එහි පළමු යෝජනාව වන්නේ සේවකයින්ගේ මාසික වැටුප රුපියල් 15,000 කින් වැඩි කළ යුතු බවයි. ඊට හේතුවක් තිබෙනවා. 2005 වසර වන විට මසක ජීවන වියදම සඳහා අවශ්‍ය වූයේ රුපියල් 25,000 ක මුදලකුයි. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ සිට කුමන ආණ්ඩු පැවැතිය ද මාසික ජීවන වියදම සඳහා රුපියල් 25,000 ක් අවශ්‍ය වීමට වසර 58 ක කාලයක් ගත වුණා.
ඒ මුදල් උපයා ගැනීම සඳහා අවශ්‍ය ආදායම් මාර්ග විටින් විට පැවැති ආණ්ඩු විසින් සලසා දුන්නා. 2001 දී රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවක ආණ්ඩු බලය ලබා ගත් අප 2004 වන විට නැවත ගොඩනගා ජනතාවට ජීවත් වීම සඳහා මසකට රුපියල් 25,000 ක් උපයා ගත හැකි තත්ත්වයකට රට පත් කළා.
නමුත් 2006 වසරේ සිට අද වන විට මාසික ජීවන වියදම රුපියල් 22000 කින් වැඩි වී තිබෙනවා. එනම් මේ වන විට මාසික ජීවන වියදම සඳහා රුපියල් 47000 ක් පමණ අවශ්‍ය වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ සිට ජීවන වියදම පාලනය කරමින් රුපියල් 25000 ක ජීවන වියදමට සරිලන ආදායම් මාර්ග සලසා දීමට වසර 58 ක් ගත වුණත් වත්මන් මහින්ද රාජපක්‍ෂ රෙජීමය යටතේ වසර හතක් තුළ ජීවන වියදම රුපියල් 22000 කින් වැඩි කර තිබෙනවා. නමුත් ජනතාවට සතයක හෝ සහනයක් සලසා දීමට මේ රෙජීමය කටයුතු කර නැහැ.
ඒ අනුව ගත වූ කාලය තුළ මාසික ජීවන වියදම සියයට 80-90 කින් වැඩි කර තිබෙනවා. මෙය දක්‍ෂකමක් ද? ආර්ථිකය ගොඩනගනවා කියන්නේ මෙයද? මෙසේ මාසික ජීවන වියදම සියයට 80-90 දක්වා වැඩි කිරීමට ආණ්ඩුවක් අවශ්‍ය ද? ජීවන වියදම වැඩි වූයේ ප්ලග් ගැලවීමෙන් ද?
මාසික වැටුප රුපියල් 15,000 කින් වැඩි කළ යුතු බවට අප යෝජනා කළේ මේ ජනතාවට සහනයක් ලබා දීමටයි.
මේ වන විට ජීවන වියදම් අංකය රුපියල් 280 ක් වනවා. වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට එය වහාම ගැසට් කළ යුතුයි. මේ වන විට අර්ථ සාධක අරමුදල ශඣන්‍ය කර තිබෙනවා. සේවකයින් විශ්‍රාම යන විට හිමි වන මුදල් අහිමි කර තිබෙනවා. ජනතාවගේ දැනට තිබෙන අයිතිවාසිකම් ද කප්පාදු කර තිබෙනවා.
පොරොන්දු වූ ගොවි විශ්‍රාම වැටුප පවා මේ දක්වා ලබා දී නැහැ. වතුකරයේ ජනතාවට ඉඩම් හා නිවාස ලබා දිය යුතු වුවත් ඒවා ද මෙතෙක් ලබා දී නැහැ. ජනතාවට මේ අයිතීන් වහාම ලබා දිය යුතුයි. ජනතාව ජීවත් කරවනවා වෙනුවට සම්පූර්ණ බර ජනතාව පිට පටවා තිබෙනවා.
මේ ජීවන බරට අමතරව ජනතාව පිට තවත් බර පටවලා. නිදහස් අධ්‍යාපනය කප්පාදු තිබෙන අතර ඒ සඳහා මුදල් ගෙවීමට සිදු වී තිබෙනවා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය නැති කර තිබෙන බැවින් ජනතාවට ඖෂධ පවා මුදල් ගෙවා ලබා ගැනීමට සිදුව තිබෙනවා. මේ වියදම් ද එකතු වන්නේ ගෙදරෙදාර වියදමටයි.
දිනෙන් දින බඩු මිල වැඩි වීමට අමතරව අවසානයේ විදුලි බිල ද වැඩි කරලා. මේ අනුව ජනතාව ජීවත් වන්නේ කෙසේද? ජනතාවට ලබාදිය හැකි මේ සහන පවා ලබා නොදෙන්නේ ඇයි? බලයට පත්වූ සෑම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක්ම ජනතාව ජීවත් කර වීමට කටයුතු කළා. බලයට පත්වන මීළඟ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ ජනතාවට සහන ලබා දී ඔවුන්ව ජීවත් කරවීමට කටයුතු කරන බව මා ප්‍රකාශ කර සිටිනවා. මෙය කළ හැකි කටයුත්තක් බව කිව යුතුයි. එම නිසා බොරු කිය කිය කල් මැරීමට අවශ්‍ය නැහැ.
පසුගිය අයවැයෙන් ජනතාවගේ වැටුප් වැඩි කරන ලෙස අප ඉල්ලා සිටියත් ආණ්ඩුව ජනතාවට සහනයක් නොදී ජීවන බර තව තවත් වැඩි කළා. නමුත් ආණ්ඩුව සහන ලබා දුන්නේ කොටස් වෙලෙඳපොළට අලූතින් එක් වූ සමාගම්වලටයි. ඔවුන්ගෙන් අයබදු ලැබිය යුතු වුවත් එය ඉවත් කළා. අලූතින් පැමිණෙන සමාගම් සඳහා සාමාන්‍යයෙන් අවුරුදු 8 හෝ 10 ක් පමණ බදු සහන ලබා දෙනවා. ඒ කාලය සම්පූර්ණ පසු අනිවාර්යෙන් බදු ගෙවිය යුතුයි. නමුත් ආණ්ඩුව එසේ බදු ගෙවිය යුතුව තිබූ සෑම සමාගමකටම බදු සහන ලබා දුන්නා. දැන් ඒ සමාගම් කියන්නේ තමන්ට සේවක වැටුප් වැඩි කළ නොහැකි බවයි. නමුත් ආණ්ඩුව එම සමාගම්වල ලාභ වැඩි කර තිබෙනවා. මෙහි තේරුම කුමක්ද?
ජනතාවට ජීවත් වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කළේ කුමක්ද? පැවැති සෑම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක්ම ජනතාවගේ සාක්කු පිරෙව්වා. අවසන් වතාවට එය ඉටු කිරීමට මට ද හැකි වුණා. ඒ අනුව රුපියල් 25000 ක ආදායමකින් මාසයක් ජීවත් විය හැකි ජීවන තත්ත්වයක් මම එදා ඇති කළා.
නමුත් රාජපක්‍ෂ රෙජීමය කර තිබෙන්නේ කුමක්ද? රාජපක්‍ෂ රෙජීමය හැමදාම ජනතාවගේ සාක්කුවෙන් මුදල් සොරකම් කර පික්පොකට් ගසන ආණ්ඩුවක් බව කිව යුතුයි. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ සාක්කු පුරවන ආණ්ඩුවක් ද, එසේ නැති නම් ඔබේ සාක්කුවෙන් පික්පොකට් ගසන ආණ්ඩුවක් ද යන්න ඔබ තීරණය කළ යුතුයි.
මැයි දිනයට ප්‍රථම ජනතාවට සහනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි විට ආණ්ඩුව කළේ විදුලි බිල නැවත වැඩි කිරීමයි. විදුලි බිලට සහනයක් ලබා දෙන බව ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ඊයේ (30) වාර්තා කර තිබුණා. නමුත් හවස් වන විට එම මාධ්‍ය වාර්තාවන් පිළිබඳ ප්‍රතිචාරය යහපත් වුණේ නැහැ. ඒ නිසා දැන් අලූත් සහන මල්ලක් පිලිබඳව කතා කරනවා. මාධ්‍යයෙන් දෙනවා යැයි කියන සහන මල්ල හෝ වේදිකාවේ දී දෙනවා යැයි කියන සහන මල්ල අවශ්‍ය නැහැ. පළමුව අපගේ ඉල්ලීම් ලබා දිය යුතුයි. නැතිනම් වහාම ගෙදර යන්නැයි රාජපක්‍ෂ පක්‍ෂ රෙජීමයට මම කියනවා.
ඒ සඳහා අප සූදානම් විය යුතුයි. අපගේ ඉල්ලීම් නොලැබෙන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුලූ සියලූම වෘත්තීය සමිති එක්ව වෘත්තීය සමිති ෙක්‍ෂ්ත්‍රයේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කළ යුතුයි. යෝජනා සම්මත කළත්, පෙළ පාලි ගියත් අවසානයේ දී ආණ්ඩුව එළවන ක්‍රියාමාර්ගයට අප අවතීර්ණ විය යුතුයි. ඒ ක්‍රියාමාර්ගය කුමක්ද කියා තීරණය කිරීම සියලූම වෘත්තීය සමිතියකම යුතුකම වනවා. විවිධ හේතඣන් දක්වමින් එය මගහැරීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැහැ.