මහජන උපයෝගිතා කොමිසම හමුවට වාචික සාක්ෂි දීමට ජාතික සේවක සංගමය කොමිසම හමුවට

Drjj-Electricity-tariffවිදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලය ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙස ඉල්ලා එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මහජන උපයෝගිතා කොමිසම සමඟ ද පසුගියදා සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර.ඒ අනුව ජාතික සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්‌ සමඟ ද එක්‌සත් ජාතික පක්‍ෂය විදුලි බිල වැඩි නොකළ යුතු බවට හේතු දක්‌වා විශේෂ වාර්තාවක්‌ මහජන උපයෝගිතා කොමිසම හමුවට යොමුකිරීමට පියවර ගෙන තිබුනු අතර එආනුව වාචික සාක්ෂි දීම සදහා 2013-04-04 දිනයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන,ජාතික සේවක සංගමය මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා, ජාතික සේවක සංගමය ජාතික සන්ධායක සුරන්ග නාවුල්ල මහතා මෙන්ම ජාතික භික්ෂු පෙරමුණේ සභාපති කීනියාවේ පාලිත ස්වාමින්ද්‍රය වහන්සේද සහාභාගී විය.