ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සටනක්

Protest-Logo2වෘත්තීය සමිති ඒකාබද්ධව මේ වන විට ආරම්භ කර ඇති විශේෂ සාකච්ඡා මාලාවේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තාවකාලික කැඳවුම්කාරක මණ්ඩලයක් පත්කර ගෙන තිබේ. රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය, දීමනා, සේවක අර්ථසාධක කොල්ලය, අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන්කර ගැනීම ආදී පොදු ගැටලු විස¼දා ගැනීමේ අරමුණ ඇතිව ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව ඇති.

මෙම දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ දෙවැනි සාකච්ඡා මාලාව වෘත්තීය සමිති නායකයන් පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ වෘත්තීය සමිති මූලස්ථානයකදී පවත්වා ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.

මෙම ඒකාබද්ධ සාකච්ඡා මාලාවේ දෙවැනි සාකච්ඡා වාරය සඳහා එක්සත් ජාතික පක්ෂය(JSS), ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද අන්තර් සමාගම් සේවක සංගමයද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇතුළු තවත් ප්‍රධාන වෘත්තීය සමිති රැසක්ද නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයන් සහභාගි වී ඇත. 

මෙහිදී ජාසේස නියෝජනය කරමින් මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මැතිතුමාද, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් ජේ එල් එම් ජයසුන්දර මහතාද ජ්විපෙ නියෝජයන කරමි ලාල් කානත මහතාත් සහාභාගි විය