එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයින් විසි ලක්ෂයක් බඳවාගැනීමේ දෙවන වැඩසටහන් මාලාවේ වැඩසටහන ඊයේ (02)සහ අද (මාර්තු මස 3) දිනවලදී මහනුවරදි පැවත්විය.
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමා, ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමා, උපනායක ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා හා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවකගේ හා වෘත්තීය සමිති නියෝජනය කරමින් ජා.සෙ.ස ලේකම් සිරිනාල් ද මෙල් මහතා ප්රමුඛ ක්‍රියාකාරින් මෙන්ම පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය මහනුවර හා දඹුල්ල යන නගරවලදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විය.