කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටපළ හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සඳහන් කරයි.කටුනායක ගුවන්තොටුපළේ සේවය කරන ඇතැම් සේවකයින් මේ වන විටත් මත්තල ගුවන්තොටුපළ සඳහා අනුයුත්ත කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේය.එමෙන්ම කටුනායක ගුවන්තොටුපළෙහි වටිනා යන්ත්‍ර උපකරණ ද මත්තල ගුවන්තොටපළට ගෙන ගොස් ඇති බව ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.