ආණ්ඩුව අද වන විට මේ රට විනාශ කර ඇති බවත් ඒ අනුව රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමට කාලය එළඹ ඇති බවත් විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට නම් පක්ෂය සංවර්ධනය කළ යුතු බවද, විපක්ෂය සමග සියලුදෙනා එකතු කර ගත යුතු බවද, එසේම රාජපක්ෂ රෙජිමය පරාජය කිරීම සඳහා නව දේශපාලන පිළිවෙතක් ආරම්භ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
එජාප ජාතික සේවක සංගමයේ කෘත්යාකාරි මණ්ඩල රැස්වීමක් අද (12) අමතමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.
අද වන විට ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවකයින්ගේ රැකියා අනතුරේ බවත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වෙමින් ඇති බවත් ඒවා නැවත ලබාගත හැක්කේ එජාප රජයක් යටතේ පමණක් බවද ඔහු පෙන්වාදුන්නේය.
රට වැටී ඇති තත්ත්වයෙන් බේරාගැනීම සඳහා ඊයේ ඒකාබද්ධ විපක්ෂය විසින් පොදු එකඟතාවකට අත්සන් තැබූ බවද රනිල් වික්රමසිංහ මහතා එහිදී සිහිපත් කළේය.