රාජ්‍යබැංකු පසුබෑමට ලක් වන්නේ එහි සේවකයන්ගේ ආචාරශීලීත්වය සහ නම්‍යශීලිත්වය නොමැති නිසා බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පෞද්ගලික මුල්‍යායතනයක මහනුවර ශාඛාවක් විවෘත කිරීමේ උත්සවයකදී ප්‍රකාශ කළ බව මාධ්‍යවල වාර්තා කර තිබුණි.
මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය රාජ්‍ය බැංකු සේවකයන්ට විරුද්ධව එල්ල කළ අභූත චෝදනාවක් වනවා පමණක් නොව අපහාසයක් ද වේ.
කරුණු හරිහැටි සලකා බලන්නේ නම් රාජ්‍ය බැංකු පසුබෑමට ලක් වන්නේ සේවකයන්ගේ වරදින් නොව කිසිම සුදුසුකමක් නැති ආණ්ඩුවේ හෙන්චයියන්ගෙන් බැංකු කාර්ය මණ්ඩල පිරවීමත්, දේශපාලන ඇඟිලි ගැසීම් මෙන්ම ආණ්ඩුවේ වැරදි බැංකු හා මූල්‍ය නායකත්වය සහ ප්‍රතිපත්ති නිසාත් බව ජාතික සේවක සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.
ඒ මහත්මා මෙම අදහස් පල කලේ පසුගියදා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අචාර්සරත් අමුණුගම මහතා රාජ්‍ය බැංකු පසුබෑමට ලක් වන්නේ එහි සේවකයන්ගේ ආචාරශීලීත්වය සහ නම්‍යශීලිත්වය නොමැති නිසා බව පවසා තිබූ ප්‍රකාශකට පිලිතුරු ලෙසය.
රාජ්‍ය බැංකු වල පසුබෑමට අදාළ සැබෑ කරුණු පසෙක තිබියදී එම බැංකු මේ තාක් දුරට රැකගෙන ආ සේවක සේවිකාවන්ට ආණ්ඩුව තමන්ගේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලවා ඇඟිල්ල දික් කරවීම හෙළා දැකිය යුතු ක්‍රියාවක් බවත් .
රාජ්‍ය බැංකු විනාශ කිරීමට ආණ්ඩුව හරහා ජාත්‍යන්තර බලවේග විසින් දියත් කරන කුමන්ත්රණයක පෙරනිමිත්තක් ද විය හැකි අතර, රාජ්‍ය බැංකු විනාශ වනවා නම් එහි වගකීම බැංකු සේවකයන් පිට නොපටවා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම භාර ගත යුතු බව අවධාරණය කරන බවද පැවසීය.