මෙරට ප්‍රථම විධියක ජනාධිපති හා ජාසේස නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබූ අතර ජයවර්ධන මහතාට සහ හෙලේනා විජයවර්ධන මහත්මියට පිං පැමිණවීමේ අරමුණින් සංවිධානය කළ සංඝික දානයක් කොළඹ ධර්මපාල මවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවැත්විණි.
පැල්පොළ විපස්සී හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජයවර්ධන මහතාගේ මුණුබුරන් වන අම්රිත් ජයවර්ධන, රුක්ෂින් ජයවර්ධන ඇතුළු ජයවර්ධන පවුලේ ඥාතීහු දන් පිදූහ.