ජනතාව නොමරා මරන ආණ්ඩුව යළිත් වතාවක් කිරිපිටි හා ගෑස් මිල ඉහළ දැමීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික සේවක සංගමය පැවැසීය. මැයි දිනය වෙනුවෙන් ශතයකින් හෝ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි නොකළ ආණ්ඩුව ගෑස් රුපියල් 350 කින්ද, කිරිපිටි කිලෝවේ පැකට්ටුවක් රුපියල් 163 කින් ද ඉහළ දමා ජනතාවගේ පසුම්බියට තට්ටු කර ඇති බවද, පසුගිය කාලයේ දිගින් දිගටම බඩු මිල ඉහළ දැමීම නිසා අසරණ වී දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණපා සිටින ජනතාවට ආණ්ඩුව වෙසක් පෝය වෙනුවෙන් සුබවාදී පණිවුඩයක් ලබාදිය යුතු වුවත් මෙවර ලබාදී තිබෙන්නේ අසුබවාදී පණිවුඩයක් බවත් මීට සමගාමීව ඉන්ධන මිල වැඩි කිරීමේ පණිවුඩය ද මග එන බවත් වැඩිදුරටත් ජාතික සේවක සංගමය පැවැසීය.