අධ්‍යාපන ඇමතිගේ ප්‍රකාශය ජාසේස තරයේ හෙළාදකි‍යි

Sunil_Silvaතිදෙනෙකුගෙන් යුත් පවුලකට සැපපහසු ලෙස ජීවත් වීමට මසකට රු7500 ක මුදලක් ප‍්‍රමාණවත් බව අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි.මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාසල් නේවාසිකාගාරයක එක් දරුවෙකුට දිනකට ආහාර වේල් 3 ක් සහ තේ වේල් 2 ක් දීම සඳහා මසකට වැය වන්නේ රු2500 ක් බැවින් තිදෙනකුගෙන් යුත් පවුලකට මසකට රු7500 ක් සෑහෙන බවයි.අධ්‍යාපන ඇමතිවරයා මෙසේ වගකීම් විරහිත ප‍්‍රකාශ සිදු කරන්නේ රටේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදමල වේගයෙන් සිදුවන රුපියලේ අගය අවප‍්‍රමාණය වීමල තෙල් මිල විශාල වශයෙන් ඉහළ දැමීම ආදී කිසිත් නොසලකාය.

දිනපතා ඉහළ යන ජීවන වියදම සමග පොරබදන ආර්ථික විද්‍යා න්‍යායන් පිළිබඳ නොදන්නා සාමාන්‍ය පුද්ගලයෙකුට පවා මෙවැනි මුදලකින් ජීවත්විය නොහැකි බව වැටහේ. 

මෙවන් පටු ආර්ථික චින්තනයකින් කටයුතු කරන අධ්‍යාපන ඇමතිවරයාගේ මෙම කථාව ජාසේස තරයේහෙළාදකින බව එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතා ප්‍රකාශකරයි.