ජාතික සේවක සංගමයේ මැයි දින පණිවිඩය

mayday_imageතවත් මැයි දිනයක් උදාවී ඇත!!. ඒ වෙනුවෙන් ප‍්‍රකාශනයක් නිකුත් කිරීමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි. මුඵ’ මහත් ලෝකයේම වැඩ කරන ජනතාව මැයි 01 වෙනි දින තමන්ට ලැබුනු අසීමිත බලාපොරොත්තු තබා ගනිමින් මෙම මැයි දින උත්සව වලට සහභාගීත්වය ලබාදීම ඉතා අගේ කොට සලකමින් මෙම මැයි දිනයට ඔවුන්ගේ දායකත්වය ලබා දෙමින් සිටී.

ලෝක කමකරු ජනතාව සමග ශ‍්‍රී ලංකාවෙ අපිද විවිධ දේශපාලන පක්ෂල වෘත්තීය සමිතිල විවිධ සංවිධානල රටපුරා මැයි දින සමරු උත්සව පැවැත්වීමට සංවිධානය කොට ඇතග එම අභිමානවත් දවස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට සමබන්ධ සියඵම වෘත්තීය සමිති මැයි 01 වෙනි දින යාපනයේදී මෙම මැයි දිනය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම‘ කර ඇත.

මෙම මැයි දිනය පවත්වන මොහොත වන විට අප රටෙ‘ සේවක පන්තියට අභියෝග රැසකට හා ජීවත්වීම සඳහා අති විශාල ප‍්‍රශ්ණ ගණනාවකට මුහුණ දීමට සිදුව ඇත. තමන්ට ලැබෙන සුඵ මුදල් ප‍්‍රමාණයකින් වැඩ කරන කමකරු පන්තියට මෙන්ම ලාංකික ජනතාවට ජීවත්වීමට සරිලන වැටුපක් නොමැති බව කවුරුත් දන්නා කරුණකි. ඉතිහාසයේ අතිභයංකර ජීවන වියදම වැඩිවීමක් මෙ මොහොතේ රට පුරා ක‍්‍රියාත්මක වෙමින් පවතී. තෙල් මිල, ගෑස් මිල, බස් ගාස්තු විදුලිය බිල, කිරිපිටි එකී නොකී සෑම භාණ්ඩයක්ම මෙ වන විට ඉතා වෙගයෙන් වැඩිවෙමින් පවතී. එම වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් ක‍්‍රමයක් කමකරු පන්තියට මෙන්ම රටෙ ජීවත් වන සියඵම ජනතාවටත් නොලැබීම අභ්‍යාගයක් කොට සලකමු.

එයට අමතරව රටෙ නිදහස ඉතිහාසයේ කවරදාවකවත් නොමැති ලෙස අභියෝග රැසකටල අපේ කාලයේ අපිට මුහුණදීමට සිදුවීම විශාල ප‍්‍රශ්ණයක්ව පවතී. රජයට විරුද්ධව තම මතය නිදහසේ ප‍්‍රකාශ කරන මිනිසුන්ට සුදුවෑන් සංස්කෘතිය නිසා එම මතය ප‍්‍රකාශ කිරීමට නොහැකි වී ඇතග එසේ තම මතය ප‍්‍රකාශ කරන අයවලුන් සුදු වෑන් වලින් ගොනගොස් අතුරුදහන් කිරීම ඛෙදනීය තත්ත්වයකි.

රටෙ ආයතන හතරක පහක පමණක් වැටුප් වැඩි කර ඇත රටෙ වැඩි ප‍්‍රමාණයක රාජ්‍ය ආයතන වල වැටුප් වැඩිවීම මෙ ලියන මොහොත වන විටත් ලබාදී නොමැත ජනතාවට ඉදිරි මොහොතේදී මෙවා ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වුවත් ඒ සියල්ල කතාවට පමණක් සීමා වී තිබීම අපේ අභාග්‍යයක් කොට සලකමු.

එබැවින් මෙම මැයි දිනයේදී අප රජයෙන් මෙහි පහත සඳහන් කරුණු ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු

ජීවන වියදමට සරිලන පරිදි අවම වශයෙන් රු: 7500/- කින් වැටුප් වැඩි කිරීම. රටපුරා තදබල ලෙස ක‍්‍රියාත්මක වන දේශපාලන පලිගැනීම‘ මෙම මැයි දිනයෙන් පසුවවත් නතර කරන ලෙස ඉල්ලා සිටිම හා රටේ පවතින අසීමිත දූෂනය සහ නාසිතිය වහා නවත්වා ජීවන වියදම පහත හෙළා ජනතාවට සහන ලබාදීම,වැඩ පිලිවෙලක් සකස් කල යුතු බව ප‍්‍රකාශ කර සිටිමු

 

සිරිනාල් ද මෙල්
ලේකම්

ජාතික සේවක සංගමය