සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළද පොළේ ආයෝජනය කිරීම පිළිබදව ජාතික සේවක සංගමයේ විරෝධය

Protest-Logoසේවක අර්ථසාධක අරමුදල් පනත සහ සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කර එම අරමුදල් වල ඇති රුපියල් කෝටි 85,000ක මුදල හිතුමනාපයේ කොටස් වෙළද පොලේ ආයෝජනය කරීමට ආණ්ඩුව සූදානම්වන බව ජාතික සේවක සංගමය පවසයි.

මීට පෙර සේවකයින්ට සේවක භාරකාර අරමුදලින් වසර 5න් 5ට මුදල් ලබාගැනීමට තිබූ හැකියාව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට එරෙහිව තම සංගමය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික සේවක සංගමය ප්‍රකාශ කරයි.ආණ්ඩුව විසින් මෙම මුදල් කොටස් වෙළද පොලේ ආයෝජනය කිරීමට සූදානම්වන බව පවසන ජාතික සේවක සංගමය,වැඩි දුරටත් සඳහන් කළේ 2008 වසරේදී මෙලෙස ආයෝජනය කරන ලද රුපියල් කෝටි 3000කින් මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් කෝටි 17ක් පමණක් බවයි.

ආණ්ඩුවේ මෙම මුදල් කොල්ලයට එරෙහිව ඉදිරියේදී දහවල් කෑම පැයේදී රට පුරා පෞද්ගලික ආයතනවල උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එම උද්ඝෝෂණයට සහාය දැක්වීමට ජාතික සේවක සංගමයට අයත්ආයතන දැනටමත් කැමැත්ත පළකර තිබේ.