වහාම වැටුප් වැඩි කරන ලෙස ජාතික සේවක සංගමය ඉල්ලයි

Protest-Logo2ජීවන වියදම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් වහාම වැටුප් වැඩි කරන ලෙස ජාතික සේවක සංගමය ඉල්ලීමක් කර ඇත. පසුගියදා වැඩි කරන ලද ඉන්ධන මිල හේතුවෙන් ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, බෙහෙත්, ප්‍රවාහන ගාස්තු, විදුලි බිල හා ඉදිරියේදී වැඩිවීමට නියමිත ජල බිල හා ගෑස් මිලද සේවක කොටස්වලට දරා ගත නොහැකි බව සංගමය සඳහන් කළහ. වර්තමානයේ ලබමින් සිටින වැටුපට අවම වශයෙන් සියයට 40 ක් වැඩි කොට සේවකයින්ට යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට සරිලන වැටුප් ක්‍රමයක් නිර්දේශ කරන ලෙසද සංගමය විශේෂ ඉල්ලීමක් කර සිටී.