අකුරට වැඩ අත්හිටුවූවත් වැඩ වර්ජනය අරඹන දිනය ලබන සතියේ කියනවා - ලංවිම වෘත්තීය සමිති සන්ධානය

divaina-logoලංකා විදුලි බල මණ්‌ඩල සේවකයන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ අතිකාලවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවතා දැමූ බවත් සියයට හතළිස්‌ පහක වැටුප් වැඩවීම ඉල්ලා ලබන සතියේ දිනක වැඩවර්ජනයක්‌ ප්‍රකාශයට පත් කරන බවත් ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා "දිවයින"ට පැවැසීය. ඒ අනුව වෘත්තීය සමිති ලබන සඳුදා (23 වැනිදා) රැස්‌වී වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිත බවද ඒ මහතා කීවේය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්වූවා පමණක්‌ නොව එය දඩමීමා කරගෙන විදුලි බලමණ්‌ඩල සේවකයන්ට එරෙහිව රජය ජනතාව පෙළ ගැස්‌වීමේ වැඩපිළිවෙළක්‌ද තිබූ බවට තොරතුරු ලැබුණු බවද හෙතෙම පැවැසීය.