එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතා පසුගිය(04 බදාදා) උදෑසන අභාවප්‍රාප්ත විය.1920 වසරේදී උපත ලද පණ්ඩිතරත්න මහතා මියයන විට 92 හැවිරිදි වියේ පසුවිය.1942 වසරේදී පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ඔහු ඉන් විශ්‍රාම යෑමෙන් අනතුරුව 1955 වසරේ සිට ගණකාධිකාරී සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සේවය කළේය.
ඉන්පසු 1977 වසරේදී හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතා විසින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබීය. එමෙන්ම 2002 සිට 2004 දක්වා කාලය තුළ එවකට අගමැති ධූරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස ද පණ්ඩිතරත්න මහතා සේවය කර තිබේ.එතුමාගේ අභාවය පිළිබදව ජා.සේ.ස බලවත් ශෝකය පළකරන අතර එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි !
මාධ්‍ය ලේකම්
සුනිල් සිල්වා
ජා.සේ.ස