සුබ නත්තල් මංගල්‍යයක්‌ වේවා යෑයි ප්‍රාර්ථනා කරමි - ජා.සේ.සං.

xmas-greetingsජාති, ආගම්, කුල, වත්පොහොසත්කම් හා දේශපාලන ආදී කොතෙකුත් වෙනස්‌කම් තිබුණ ද ඒ සියල්ල පසෙකලා සියලු මිනිසුන්ට සමානාත්මතාවයෙන් සලකන සමාජයක්‌ බිහිකිරීමට හැකි අයුරින් දායක වීමට හැකි නම් එය කිතු උපත සැමරීමේ උත්තම උපකාරයක්‌ වනු ඇති බව ජාතික සේවක සංගමය නිකුත් කළ නත්තල් පණිවුඩයේ සඳහන් වේ.

කිතු උපත අප වෙත සිහිපත් කරනුයේ සමානාත්මතාවයේ හා දයාවේ පණිවුඩයයි. ලොවට දයාව දායාද කළ යේසුස්‌ වහන්සේ උපත ලැබූ දිළිඳු ගවලෙන මහා රජවරු හා දුගී වැසියන් එක්‌තැන් කළ සමානාත්මතාවයේ නිවහනයි. කවර තරාතිරම් දැරුවද, කවර ආර්ථික ශක්‌තීන් සතු වුවද මේ මුළු පොළෝ තලයේ වෙසෙන සියලුම මිනිසුන් එක හා සමාන බව අපට ප්‍රායෝගිකව පෙන්වා දුන් කදිම නිදර්ශනය කිතු උපතයි.

කිතු උපතින් වසර දෙදහසකට පසුව අප යළි සිතා බැලිය යුත්තේ ඒ පණිවුඩය කෙතරම් දුරට අපේ සිත් සතන් තුළ නිධන්ව ඇතිද යන්නයි. ඒ පණිවුඩය කෙතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට සමාජයේ විවිධ කොටස්‌ සමත් වී ඇතිද යන්නයි.

ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම් හා දේශපාලන ආදී කොතෙකුත් වෙනස්‌කම් අප අතර තිබුණද, ඒ සියල්ල පසෙකලා සියලු මිනිසුන්ට සමානත්වයෙන් සලකන සමාජයක්‌ බිහිකරලීමට හැකි අයුරින් දායක වීමට හැකි නම් එය කිතු උපත සැමරීමේ උත්තම උපහාරයක්‌ වනු ඇති බව ජාතික සේවක සංගමයේ හැඟීමයි. ඒ බව අවධාරණය කරමින් ඔබ සැමට සුබ නත්තල් මංගල්‍යයක්‌ වේවා යෑයි ප්‍රාර්ථනා කරමි.

ජාතික සේවක සංගමය

We wish everyone a meaningful and blessed Christmas! -JSS


This year’s Christmas spells out the importance of ushering in hope and contentment to the people who are living in distress and hopelessness, at the moment.

Let us commit ourselves to that noble cause this Christmas. 

We wish everyone a meaningful and blessed Christmas!

 

Jathika Sevaka Sangamaya