ආණ්‌ඩුවට එරෙහි විරෝධතාවයට සහභාගි වු සියලුම ජනතා බළවේගවලට සහ වෘතීය සමිති නියොජිතයන්ට ජා.සේ.ස.යේ ස්තූතිය සහ ගෞරවය !!

Sunil_Silvaරජයේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව එක්‌සත් ජාතික පක්‌ෂය ඇතුළු පක්‌ෂ කිහිපයක්‌ එක්‌ව විරෝධතාවක්‌ 29 දා කොළඹ හයිඩ් පිටියේදී  පැවති විරෝධතාවයට සහයෝගය දුන් සහ විරෝධතාවයට සහභාගි වු  සියලු වෘතීය සමිති නියොජිතයන්ට සහ සහභාගි වු මහජනතාවටත් ජාතික සේවක සංගමය සිය ගෞරවය පිරිනමයි.

එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙ වනවිට රටේ සියලූ ක්ෂේත‍්‍ර කරා ආණ්ඩුවෙ මර්ධනකාරී හා කොල්ලකාරී බව පතුරුවා හැර ඇති බවත් ඔහු පෙන්වා දෙන්නේ ඊට ප‍්‍රබල ජනතා විරොධයක් එල්ලවෙමින් පවතින බවත් එවැනි විරොධතායන්ට නායකත්වය දීමට  එජාප ප්‍රමුඛ ජාතික සේවක සංගමය සූදානමි බවත් මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතා පවසයි.