ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී කමිටුව රැස්වේ

JSS_meetingඑක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ජාතික සේවක සංගමය නියෝජනය කරමින් පත්කෙරෙන සාමාජිකයන් තෝරා ගැනීමට සාමාජිකයන් දෙදෙනා නම්කර ගැනීම සඳහා පෙරේදා (9 වැනිදා) ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී කමිටුව එම සංගම් මූලස්‌ථානයේදී රැස්‌ව ඇත.

මෙහිදී කාන්තා නියෝජිතවරිය ලෙස මහවැලි අධිකාරියේ ජාතික සේවක සංගම් ශාඛාවේ සාමාජික ඩබ්. ඩබ්. මල්කාන්ති මහත්මිය නිතරගයෙන් පත්වූ අතර පිරිමි නියෝජනය සඳහා ඉදිරිපත් වූ සුරංග නාවුලගේ මහතා (ජාතික සේවක සංගමයේ ඉතිරි කිරීමේ බැංකු ශාඛාව) ඡන්ද 45 ක්‌ද, ආනන්ද පාලිත මහතා (තෙල් සංස්‌ථා ජාතිකසේවා සංගම් ශාඛාව) ඡන්ද 23 ක්‌ද ලබාගෙන ඇත.

මෙලෙස වැඩි ඡන්ද 22 ක්‌ ලබා ජයග්‍රහණය කළ සුරංග නාවුලගේ මහතාත් නිතරගයෙන් පත්වූ ඩබ්ලිව්. ඩබ්ලිව්. මල්කාන්ති මහත්මියත් එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කරන ලෙස නිර්දේශකර යෑවූ බව ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ද සිල්වා මහතා පැවසීය.