එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මැයි දින රැළි 3ක්

Mayday_2එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වීමට නියමිත මැයි දින රැලිවලිදී කරුණු තුනකින් සමන්විත යෝජනාවලියක්‌ ආණ්‌ඩුවට ඉදිරිපත් කෙරෙනු ඇත.රාජ්‍ය, පෞද්ගලික සහ සංස්‌ථා සේවකයන්ගේ වැටුප වැඩි කළ යුතු යෑයි සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල සුරකින ලෙස සහ ජීවන වියදම පහත හෙළන ලෙස බල කෙරෙන යෝජනාවලියක්‌ මෙලෙස ලබන මැයි දිනයේදී පැවැත්වෙන මැයි රැලියේදී ඉදිරිපත් කෙරෙන බවත් මෙවර එජාපය මැයි දින උත්සව තුනක්‌ පැවැත්වෙන අතර, එක්‌ රැලියක්‌ සිරිකොත එජාප මූලස්‌ථානයේදී ද, අනෙක්‌ උත්සවය බදුල්ලේදී ද, විපක්‍ෂයේ විරෝධය විසින් සංවිධාන කෙරෙන ප්‍රධාන රැලිය කුරුණෑගලදී ද පැවැත්වීමට නියමිතය.