පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහලට! ජනතව කබලෙන් ලිපට - ජා.සේ.ස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන

Breadඅද මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහල දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. මේ අනුව රුපියල් 50 ක් වූ පාන්ගෙඩියක් රුපියල් 55 ක් වනු ඇත. මෙසේ දිනෙන්දින අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඉහල යාමත් සමගම ජනතව කබලෙන් ලිපට වැටීමක් බව ජා සේ ස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන පවසයි.

ආණ්ඩුව තම නාස්තිකාර වියදම් සහ දූෂණය වහා නතරකර ජනතාවට වහාම සහන දෙන ලෙසට එජාප රජයෙන් ඉල්ලාසිටි‍යි.ආණ්ඩුව ඉන්ධන මිල සියයට 40 කින් ඉහල දැමීමත් සමග මේ වන විට බස් ගාස්තු විදුලි බිල ආදිය නිල වශයෙන් වැඩි කර තිබෙන අතර සියළුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහල ගොස් තිබේ. ගෑස් මිල, කිරිපිටි, ආදියේ මිල ගණන් වැඩි කිරීමට දැනටමත් අවසරය පතා තිබේ.මේ  වන විට ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ මිල ලෝකයේ මිල අධිකම නගර වල මිලට සමාන වෙමින් තිබේ. උදාහරණයක් ලෙස බිත්තරයක මිල ලන්ඩනයේ සහ කොළඹ එක සමානය. නමුත් ලෝකයේ මිල අධිකම නගරයක දිවිගෙවන කෙනෙක් ලබන ආදායම ශ‍්‍රී ලංකාවේ අයෙකුට ලැබෙන්නේ නැත. ලන්ඩනයේ කම්කරුවෙකු පැයකට ලබන අවම වැටුප රුපියල් දහසකට මදක් අධික ය.