කමකරු කායකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව අවුරුදු අටක් ගතවුණද රාජ්‍ය සේවකයින්ට මෙතෙක් වැටුප් වැඩිකර ඇත්තේ රුපියල් 600 ක් පමණක් බවත්, වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග වලින් තොරව වැටුප් වැඩිකර ගත නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.රාජ්‍ය සේවා ජාතික මුද‍්‍රණ සේවක සමිතියේ 46 වෙනි සංවත්සරයÂ 2013.12.23. වෙනි දින සිරිකොතදී පැවති අවස්ථාවෙ‘ විපක්ෂ නායකවරයා මෙ‘ බව කියා සිටියේය.
2004 සිට ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප වැඩි නොකල බවත්, පසුගිය 2012 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 1200 ක දීමණාවක් ලබා දුන්නත් ඉන් පසුව අපේ‍්‍ර්ල් මාසයේදී විදුලිබිල වැඩි කල බවත්, ඒ අනුව ලබාදුන් එම සොච‘චම‘ දීමණාවෙන්ද ප‍්‍රයෝජනයක් නොලැබුන බවත්, තීරු බදු, වැට‘ බදු වැඩිකල ආණ්ඩුව කලේ එක් සාක්කුවක රු:1000/- ක් දමා අනෙක් සාක්කුවෙන් රු:2000/- පික් පොකට‘ ගැසීමක් බවත් පැවසීය.
වැඩි දුරටත් විපක්ෂ නායකවරයා අදහ් දක්වමින් කියා සිටියේÂ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා එදා ජාතික සේවක සංගමය ඇති කරමින් ගම‘ මට‘ටමෙ‘ දේශපාලනය සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කල බවත්, 1977 එ.ජා.පය ජයග‍්‍රහණයට එකල තිබූ වෘත්තීය සමිති විශාල පිහිවහලක් වූ බවයි. තවද, ආණ්ඩුවට කිසිඳු කළමණාකාරිත්වයක් නොතිබුණත් 2001 වසරේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, පාඩු ලබන රාජ්‍ය ආයතන දක්ෂ ලෙස කළමණාකරණය කර, ඛණිජ තෙල් සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්කල බවත්, විදුලිබල මණ්ඩලය වසර 05 කදී ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම සඳහා කළමණාකරණයÂ කල නමුත්, එම සියඵ’ රාජ්‍ය ආයතන අද ජනතාවගේ මුදල් ගිල දමන සුදු අලින් බවට පත්වී ඇති බවත් , විදුලි බිල අද පවතින මිලට හෝ සැමට විදුලි බලය ලබාදීමට හැකිවී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇති කල විදුලි බලාගාර නිසා බවදÂ පැවසීය.
ජාතික සේවක සංගංමයේ ප‍්‍රධාන ලේකම‘ සිරිනාල් ද මැල් බස්නාහිර පලාත් සභාවෙ‘ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල , කඩුවෙල නගර සභාවෙ‘ විපක්ෂ නායක ප‍්‍රියන්තÂ පත්බෙ‘රිය, යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.