එක්සත් ජාතික පක්ෂ 66 වන සංවත්සරයට ජාසේසයේ සුභාසිංශනය

sirinal de melsirinal de mel1946 වසරේ සැප්තැම්බර් මස 06 වනදා කොළඹ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම වෙනුවෙන් වූ පළමු රැස්වීමේදී රාජ්‍ය සභා මන්ත්‍රී එස්. නඩේෂන් මැතිතුමා විසින් යෝජනා කිරීමෙන් පසු රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී ජයා මැතිතුමා විසින් ස්ථිර කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය නමින් වන ජාතික දේශපාලනයේ අසහාය ව්‍යාපාරය බිහිවිය. එක්සත් ජාතික පක්ෂය සමාජයේ එක් ජනකොටසකට පමණක් සීමා නොවී පුළුල්ව සමාජයේ ව්‍යාප්තවී ගිය අතර 1947 වසරේදී පැවති මැතිවරණය ජයග්‍රහණය කරමින් සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානයකට ප්‍රවිශ්ඨ විය.

1948 වසරේදී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීම වෙනුවෙන්ද සුවිශේෂී මෙහෙවරක් සිදුකල එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයා මෙන්ම නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයාද වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතායි. අදට යෙදෙන පක්ෂයේ 66 වන සංවත්සරයට සමගාමීට විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොසා ඇති අතර පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කල සේවය අගයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 160 දෙනෙකු හට විශේෂ සම්මාන ප්‍රධානයක්ද අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතය. එමෙන්ම නවීකරණ කටයුතුවලින් පසු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයද අද විවෘත කිරීමට නියමිත අතර හිටපු එජාප සභාපතිවරයෙකු වූ ජී.පී පණ්ඩිතරත්න මහතාගේ නමින් අනුස්මරණ ශාලාවක්ද එහිදී විවෘත කිරීමට නියමිතය. පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසූයේ පක්ෂයේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇගයීමක්ද එහිදී සිදුකෙරෙන බවය.මෙම එක්සත් ජාතික පක්ෂ 66 වන සංවත්සරයට ජාසේසයේ සුභාසිංශන ය පිරිනමමු !!


සිරිනාල් ද මෙල්
ලේකම්