The UNP yesterday celebrated the 67th anniversary of its founding with a pledge to create a society for the youth, where they would not have to chase after politicians to achieve their objectives and goals.
UNP leader Ranil Wickremesinghe, addressing the party faithful, at the Sirikotha said that the youth had no future under the Rajapaksa regime and were killed even when they requested for their basic rights. Young people who had demonstrated against the denial of clean water and wages on which they could live a decent life, had been eliminated in the most ruthless manner, he noted.
Wickremesinghe said the ruling UPFA instead of creating a knowledge economy, had given the people concrete. A future UNP government, he said, would not only create a knowledge economy but also provide jobs that paid enough to meet one’s living expenses. "We will ensure that people do not have to run after politicians to find schools for their children, jobs or to do business," Wickremesinghe pledged.
එක්සත් ජාතික පක්ෂයේ 67 වැනි සංවත්සරය ඊයේ (06 දා) විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එ. ජා. ප. මූලස්ථානය වන 'සිරිකොත' දී පැවැත්විණි.
එහිදී ජාතික නීති ශිෂ්‍ය එකමුතුව විසින් සකස් කරන ලද පොත් පිංචක් එම එකමුතුවේ සාමාජික සාමාජිකාවන් විසින් විපක්ෂ නායකවරයාට පිරිනමන ලද අයුරු මින් දැක්වේ. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ද මෙහි සිටිති. ඡායාරූපය - කමල් බෝගොඩ
එක්සත් ජාතික පක්ෂයේ 67 වැනි සංවත්සර සමුළුව අභිමානවත් අන්දමින් ඊයේ (06 දා) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත්විණි. මෙවර සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු ජාතික යොවුන් පෙරමුණ වෙත භාර කර තිබුණු අතර පක්ෂයේ ඉතිහාසය ලැබූ ජයග්‍රහණ ආදිය සම්බන්ධව නැවත මතක් කරමින් නැටුම් ගැයුම් ද සහිතව ජාතික යොවුන් පෙරමුණ සංවත්සරය මනාව සංවිධානය කර තිබිණි.
ජයසක්, රතිඤ් හඬ මධ්‍යයේ සංවත්සරය වෙත පැමිණි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ යොවුන් පෙරමුණ විසින් හරසරින් පිsළිගනු ලැබූහ.
පක්ෂයේ නායකයන් වූ ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග යන මහත්වරුන්ගේ පිළිරුවලට මල්මාලා පළඳවා, ආගමික වතාවත් කොට පක්ෂයේ නාමයෙන් දිවි පිදූ නායකයන්ට හා සාමාජිකයන් සිහිගන්වමින් මෙවර සමුළුව ආරම්භ කෙරිණි.
මෙහිදී ප්‍රධාන දේශනය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද අතර රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ. මෙහිදී පක්ෂයේ තරුණ සංවිධාන වෙනුවෙන් ජනිත අකරවිට සහ කවීශ කුරුවිට යන තරුණයෝ අදහස් දැක්වූහ.
පැය තුනක කාලයක් මෙම සංවත්සර සමුළුව පැවැත්වූ අතර පක්ෂය වෙනුවෙන් කාන්තා ප්රඥප්තියක් ද මෙහිදී එළිදැක්විණි. ජනප්‍රිය ගායක රොමේෂ් සුගතපාල මහතා ගීත ගායනා කළේය.
අභිමානවත් ලෙස පැවැත්වූ එජාප 67 වැනි සංවත්සරය සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.එක්සත් ජාතික පක්ෂයට දැන් වයස අවුරුදු 67ක් බවත්, තමාට දැන් 60 ක් බවත් ලබන 2014 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජයක් ගොඩනගන බව එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ 67 වැනි සංවත්සරය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය. රාජපක්ෂ රෙජිමය විසින් තරුණයන් මරාදමන බවත්, ඉකුත් වසර දෙකක කාලය තුළ තරුණයින් 4 දෙනකු මරාදමන ලද බවත් එහිදී පැවසූ වික්‍රමසිංහ මහතා අද දවසේ රටේ තරුණයන්ට පවත්නා එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බවද කීවේය.
දැනුම ලබා ගැනීමට අධ්‍යාපනයට අත ඇති ජංගම දුරකථනයෙන් ප්‍රයෝජනය ගත හැකි බවත් පරිගණකල ලැප්ටොප්ල අයි පෑඩ් ඇත්නම් අධ්‍යාපනය දියුණු කර ගත හැකි වුවත් ඒ වෙනුවට රජය වැඩි වැඩියෙන් පාරවල් කොන්ක්‍රීට් කිරීම සඳහා මුදල් යොදවන්නේ එයින් වැඩි මුදලක් ගසා කෑහැකි බැවින් යයිද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
දැනුම ලබා ගැනීමට අධ්‍යාපනයට අත ඇති ජංගම දුරකථනයෙන් ප්‍රයෝජනය ගත හැකි බවත් පරිගණක, ලැප්ටොප්, අයි පෑඩ් ඇත්නම් අධ්‍යාපනය දියුණු කර ගත හැකි වුවත් ඒ වෙනුවට රජය වැඩි වැඩියෙන් පාරවල් කොන්ක්‍රීට් කිරීම සඳහා මුදල් යොදවන්නේ එයින් වැඩි මුදලක් ගසා කෑහැකි බැවින් යයිද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.